දෘශ්‍ය නිර්මාණයක් සඳහා පසු නිෂ්පාදන අවධියේදී භාවිත නරනු ලබන ඩිජිටල් තාක්ෂණික මාධ්‍යයේ දායකත්වය එහි ප්රකාශනයට සිදු කරන බලපෑම
අද සිනමා කේෂ්ත්‍රය සම්බන්ධයෙන් අධි තාක්ෂණික නිපැයුම් ද පරිගණක විද්‍යාවේ පිටිවහල ද නිසා සිනමාව වේගයෙන් පරිවර්තනය වෙමින් පවතී. මෙම ව්‍යුහාත්මක හා තාක්ෂණික සංක්‍රමණික අවධියේ සිනමා ඉතිහාසය මෙන්ම අනාගත මුහුණුවර ද කෙරෙ අප අවධානය යොමු විය යුතුය.
නූතන ලෝකයේ අධිවේගී තාක්ෂණික පරිණාමය සියලු සන්නිවේදන මාධ්‍යයන්ට බලපා ඇත්තේ ඉතා වේගවත් පෙරළියක් ඇති කරමිනි. තාක්ෂණික පරිවර්තනය නුතන සිනමාවේ ප්රකාශනය ස්වරූපය කෙරෙහි විශාල බලපෑමක් කර ඇත. රූප ශබ්ද ප්‍රතිනිර්මාණය පසුගිය දශක දෙකක කාලය තුළ තරම් අනෙක් කවර අවස්ථාවකවත් මෙතරම් වේගවත් වෙනසකට භාජනය වී නොමැත. ස්වභාවික ලෝකය යථාරූපී ගුණයෙන් යුතුව ප්‍රේක්ෂක සිත්සතන් හි විශ්වාසනීයත්වය ඇති වන ආකාරයෙන් නිරූපණය කරනු ලබන කලාවක් ලෙසින් සිනමාව හදුන්වනු ලැබේ. සිනමාව සතු මේ ප්‍රබල ශක්තිය තනි රූප රාමු සංයුතුයකින් පදනම් කොටගන්නකි. තනි රූප රාමුවක ගති ස්යරූපය එහි ක්ෂේත්රය මෙන්ම ඊට ඇතුළත් විද්‍යාත්මක සෞන්දර්යාත්මක මෙන්ම තාක්ෂණික ලක්ෂණය ද දැන හැදින ගැනීම සිනමා විෂයෙහි අවබෝධයක් ඇති කිරීමට උපකාරී වෙයි.
වීඩියෝ තාක්ෂණය හා පරිගණක තාක්ෂණය සම්බන්ධ විද්‍යාව මේ අතර වේගයෙන් දියුණු වූයෙන් වීඩියෝ නිෂ්පාදනය සඳහා විවිධ විද්‍යුත් උපක්‍රම නිර්මාණය කළ හැකි උපක්‍රම ජනනය කරණ යන්ත්‍ර Effects generators නිපදවනු ලැබිණ. මේ හා සමාන්තරව උසස් තත්වයෙන් යුතුව වීඩියෝ රූප සිනමා පටලයට මාරු කිරීමේ හැකියාව ඇති වූ අතර විද්‍යුත් උපක්‍රම තනා රූප රාමුව බැගින් සිනමා පටලයේ තිත් වුයෙනි. අනාවරණය කිරීමේ තාක්ෂණික වත්ප්තිය නිසා සිනමා රූප නිර්මාණය සම්පූර්ණයෙන් ම වෙනස් මාවතකට ප්රවිශ්ට විය. පරිගණකය මගින් විවිධ සැලසුම් සඳහා ත්‍රිමාන රූප සැකසීම මෙන්ම එකම රූපයක විවිධ කෝණයන්ගෙන් පෙන්වීමේ හැකියාව ද මෙම තාක්ෂණය සතු විය. තිරයේ දිස්වන වස්තුවක් උඩයට හරවා හෝ කනපිට පෙරලා බැලීමට ද තිරයේ ග්රාෆික්ව කරන ලද රූපයක් හෝ කටු සටහනක් පියවි හැඩයට පෙරලිම ද එහි මතුපිට ස්වභාය මෙන් ම අවශ්‍ය වර්ණ ගැන්වීම ද කළ හැකි විය. පිරිගණකය හා බද්ධ කර වීඩියෝ රූප අනුක්රමිකව චලනය නිරූපණය කරන ලෙස සජීවිකරණයට භාජනය කිරීමේ හැකියාව ද ඇත. එහෙයින් සිනමාවට වුවමනා රූප පෙර මෙන් භෞතික වස්තූන් කැමරාවක් ආධාරයෙන් සිනමා පටලයට ආලෝක ප්‍රතිබිම්බ ලෙස සටහන් කරනු වෙනුවට පටලය මත රූප රාමුව බැගින් පෙර කී පරිගණක රූප තිත් වශයෙන් විශ්ලේෂණය කොට අනාවරණය කළ හැකි වූ අතර එම ක්‍රියාවලියට කිසිම බාධාවකින් තොරව පියවි චරිත රඟදක්වන රූප ද අනුබද්ධ කිරීම පහසු විය.
උදාහරන වශයෙන්
ජුරාසික් පාර්ක් චිත්‍රපටය 1994 වසරේ ලංකාවේ ප්‍රදර්ශනය වු අවස්ථාවේ පරිගණක රූප භාවිත කළ චිත්‍රපටයක් වශයෙන් සිනමා රසිකයින් අතර ආන්දෝළනයක් ඇති විය. විශාල ප්‍රචාරණය නිසා එය බෙහෝ දෙනෙකු විසින් නරඹන ලදී. එහෙයින් චිත්‍රපටයේ පරිගණක කාර්ය ස්භාවය මදක් විස්තර කිරීම චිත්‍රපටය හා නව දෘශ්‍ය උපක්‍රම භාවිතය පිළිබඳ අදහසක් ඇති කර ගැනීමට හැකිය. 1993 ජුරාසික් පාර්ක් චිත්‍රපටය ඇමරිකාවේ ප්රද්ර්ශනය වන විට මේ උපක්‍රම නිර්මාණය කරනු ලැබුවේ ඊට වසර 3 කට පමණ පෙර සිටය. එවිට ස්පිල් බර්ග් පෝලන්තයේ සිට ඇමරිකාවේ චිත්‍රගාරයේ නිර්මාණ කරනු ලබන පරිගණක සජිවි කරණ රූප නරඹා නිරික්ෂණය කරනු ලබයි. මේ කාලයේ පරිගණක තාක්ෂණය බෙහෙයින් උපයෝගී කරගනු ලැබුවේ මෙම චිත්‍රපටයට යැයි හැදින් වේ. ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ පරිගණක භාවිත කරමින් සැකිලි රූප නිර්මාණය කිරීම සිදුකරනු ලබයි. පරිගණක රූප තැනීමේ ආර්ම්භය වශයෙන් කරනු ලබන ලද්දේ සුටැන්ට් වින්ස්ටන්ට් නම් ප්‍රකට අනු රූ තැනීමේ ශීල්පීය විසින් 1/5 අනුපාතයට නිර්මාණය කළ ඩයිනර්සෝ අනුරූපයක් ලෙස විශ්ලේෂණයක් මඟින් පරිගණක සංඥා වශයෙන් පටිගත කර ගැනීමෙනි. එමෙන්ම පසු නිෂ්පාදන අවධියේදී මෙම ඩිජිටල් තාක්ෂණය භාවිත කරමින් පරිගණකයෙන් නිර්මාණය කරන ලද සතුන් මිනිසුන් රඟපාන රූප එකට මුසු කරමින් ප්‍රදර්ශනය කිරීම සිදුකරනු ලැබීය. එනම් රූපගත කිරීම් අවසන් කිරීමෙන් පසුව පසු නිශ්පාදන අවධියේදී මෙම සියලු කාර්යන් සිදු කරනු ලබයි .
Abyss චිත්‍රපටයේ ජල කඳක් මෙන් මතුපිටට විත් විශාල නාගයෙකු යාත්‍රාවේ නිදා සිටින පිරිසට ඉව අල්ලන දර්ශනයකි. මෙම ජල කඳෙන් නිර්මිත සත්ත්වයා කෙරේ රසදිය ද්‍රාවනයකට පැහැය ද වෙනස්වන හැඩයන් ද ඇති බව පෙනේ- එම සත්වයාගේ ශරීරයේ ඇත්තේ ඝනභාවයන් දූව්‍ය ස්වභාවයන් අකර තත්ත්වයකි. එය ඔබ මොබ ගමන් කරන විට ජල කඳකින් නිර්මිත වුව ද දියර ලෙස වැගිරෙන්නේ ද නැත. එක් අවස්ථාවක නාවිකයෙක් මෙම ජලජ සත්වයා වෙනත් කුටියක් දක්වා සිය කය දිග ඇදීගෙන ඉව අල්ලන විට කුටි දෙක අතර ස්වයංක්‍රීය යකඩ දොර වැසෙන ලෙස ක්‍රියාත්මක කරයි. යකඩ දොර පියන් දෙක දිය කඳින් නිර්මිත සත්වයා දෙකඩ කරවමින් වැසෙන විට දොර පලුව අතර දිය බිදු කිහිපයක් වැටෙනවා පමණි දකින්ට ලැබෙන්නේ. ඉන් ඔබ්බෙන් සත්වයාගේ ශරීරය වාශ්පි කරන වුවක් මෙන් අතුරුදහන් වේ. මෙම දර්ශනය කිසිසේත් ඇදහිය නොහැකි තරම් විශ්මය ඇති කරන අතර එය නිර්මාණය කර ඇති ආකාරය හා සම්බන්ධව දෘශ්‍ය උපත්‍රම එකළ රහසක් විය. මේ ආකාරයට දෘශ්‍ය නිර්මාණ සඳහා පසු නිශ්පාදන අවදියේදී ඩිජිටල් තාක්ෂණික ක්‍රම භාවිත කරමින් මෙම සිනමා නිර්මාණය ප්‍රේක්ෂකයා වෙත සමීප කරවීම සිදු කරනු ලබයි.
TERMINATOR II චිත්‍රපටයේ මිනිසෙකුගේ සිරුර ද්‍රව බවට පත්ව යලි ඝන තත්වයට මාරුවන්නේද පරිගණක දෘශ්‍ය නිර්මාණයක් මඟිනි. මෙම සිනමා නිර්මාණයටද පසු නිශ්පාදන අවධියේදී ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කර ඇත. ඊට අදාළ Soft Ware භාවිත කරමින් එම අවස්ථාව වඩාත් උචිත අයුරින් ප්‍රේක්ෂකයා වෙතට ගෙන ඒමට හැකියාව ලැබී ඇත.
මේ ආකාරයට පසු නිෂ්පාදන අවදියෙදී ඩිජිටල් තාක්ෂණය පදනම් කරගනිමින් සිනමා නිර්මාණයන් සාර්ථකව අවසන් කිරීමට සමත් වී ඇත- ඒ අනූව පියවර ගණනාවක් ඔස්සේ සිනමා නිර්මාණයන් හි පසු නිෂ්පාදන අවදියෙදි ඩිජිටල් තාක්ෂණය පදනම් කරගැනීමට කටයුතු කරයි-
සිනමා නිර්මාණයක් රූපගත කිරීමේ දී එය 4k File එකක් ලෙස හෝ එවැනි ගුණාත්මක බවින් යුක්ත File Format එකකින් රුගත කිරීම සිදු කරනු ලබයි- ඒ වගේම මුලින්ම File Transfer කර ගැනීම සිදු කරයි. නමුත් අපි File Transfer කර ගැනීමේ දී එහි File Format එක convert කරගැනීම සිදුකරනු ලබයි. එයට හේතුව වන්නේ 4k File එකක් විශාල බවින් යුක්ත වන නිසාත් හිරවීම් ආදි ගැටළු වලක්වා ගැනීම සඳහාත් ය. මෙහිදි 4k File එකක Quality අඩු කර හෝ HD වලට ජදපචරුි කිරීම සිඳුකරනු ලබයි. ඉන්පසුව සංස්කරණ කටයුතු සිදුකිරීම ආරම්භ කරනු ලබයි. මෙම සංස්කරණ කටයුතුවලදි ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් එම කටයුතු සිදුකරනු ලබයි. සංස්කරණ කටයුතු වලදී දියිණු තාක්ෂණික Monitors , Soft Wares භාවිත කරනු ලබයි. උදා වශයෙන්
සංස්කරණයෙන් පසු ඊළග පියවර ලෙස සිදු කරනු ලබන්නේ අදාළ සිනමා නිර්මාණයට අදාළ හඩකැවීම් සිදු කිරීමයි. ඒ සඳහාද අද වන විට විවිධ Soft Wares භාවිත කරනු ලබයි. ඉන්පසුව Picture Lock කර ගැනීම සිදු කරනු ලබයි.
ඉන්පසුව සිදුකරනු ලබන්නේ සිනමා නිර්මාණයට අදාළව Sound Edite සිදු කිරීමයි. මේ සඳහාද අද වන විට දියුණ Soft Wares භාවිත කරනු ලබයි.
සංස්කරණය
සංස්කරණය යනු එකිනෙකට අසම්බන්ධ වස්තුන් මාලාවක් කිසියම් නිශ්චිත අරුතක් මතුවන පරිදි පෙළ ගැස්වීමයි- සිනමාකරුවා යම් අරුතක් හෝ රසයක් ඉස්මතු කරන්නේ වෙන් වෙන් ව ගත් රූප මාලාවක් කිසියම් නිශ්චිත රටාවකට පිළිවෙලකට හා රිද්මයකට අනූව එකට පෙළ ගැස්වීමෙනි- චිත්‍රපටයේ රිද්මයානුකූල අලංකාරය සම්පූර්ණ වන්නේ සංස්කරණයෙන් අනතුරුවය- යම් නිර්මාණයක සාර්ථක අසාර්ථක බව රදා පවතින්නේ මේ මතය- ඒ අනූව මෙම නාකෝස් කතාවේ සංස්කරණ කාර්යය සිදු කර ඇත්තේ Alex Marquez නැමති සංස්කරණ ශිල්පියාය- රූපාවලියක සතු ආත්මිය ප්රකාශනයක් විචිත්‍රවත් සංස්කරණයකින් යුක්තව ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒමට Alex Marquez නැමති සංස්කරණ ශිල්පියා සමත් වී ඇත- ඒ අනුව මොහු මෙම කතාවේ අඛණ්ඩතාවය පවත්වා ගැනීම සදහා බහුලව යොදාගෙන ඇති සංස්කරණ ක්‍රමවේදය වන්නේ Cut to cut වේ-
![]() |

Cut to cut
එමෙන් ම මෙම කතාවේ මොහු යෙදාගෙන ඇති තවත් සංස්කරණ ක්‍රමවේදයක් ලෙස Parallel edit පෙන්වා දිය හැකිය- එකම වේලාවේ ස්ථාන කිහිපයක වන සිද්ධි එකම Sequense එකක් ලෙස සංස්කරණය කිරීම මෙලෙස හදුන්වා දිය හැක-
නිදසුනක් ලෙස ඒ අනුව පැබ්ලෝ තම ජනතාව අමතමින් සිටියි- එම මොහොතේම තානාදිපතිවරයා තම කාර් රථයේ ගමන් කරමින් සිටින අතරතුරේදී නාදුනන තුවක්කු කරුවෙකුගේ වෙඩිපහරට හසු වී මියයි- මෙය එකම Sequense එක තුළට ගෙන ඒම සදහා Parallel edit යොදාගනියි-



Parallel
edit |
මේකී කාර්යන් ඔස්සේ නිර්මාණය වූ නාකොස් කතා මාලාව ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වුයේ ඔවුන් සතුව පැවති දක්ෂතාවයන් නිසාවෙනි-
සංස්කරණය සඳහා භාවිතා කරනු ලබන කිහිපයක් පහත ආකාරයට පෙන්වා දිය හැකිය.
- ·
Adobe Premiere Pro CC
- ·
Avid
Editing
VFX තාක්ෂණය
පසු නිෂ්පාදන අවධියේදී අද වන විට බහුලව යොදාගන්නා එක් තාක්ෂණික ක්‍රමයක් ලෙස VFX තාක්ෂණය පෙන්වා දිය හැකිය. වර්තමානයේ බිහිවන බොහෝ සිනමා නිර්මාණයන් මෙම තාක්ෂණික ශිල්පයත් සමඟ ගොඩ නැගේ. ඪත්ඞ භාවිත කිරමින් සිනමා නිර්මාණයට උචිත වන අයුරින් අවස්ථාවන්ට ගැලපෙන අයුරින් ගොඩ නගයි. නිර්මාණකරුට ලගා විමට නොහැකි දර්ශන තලයන් VFX තාක්ෂණය භාවිත කරමින් නිර්මාණය කර ගැනිමට හැකියාව වර්තමානය වන විට උදා වී ඇත. මෙවැනි ආකාරයට ඩිජිටල් තාක්ෂණය පසු නිෂ්පාදන කාර්යේදී බහුලව යොදාගනු ලබයි.
Graphic සඳහා යොමු කළ යුතු File වල High Resolution Files ටික VFX සඳහා යොමු කරනු ලබයි. File යැවීමේදි Compress සිදු කළ Files ඒ සඳහා ඇතුළත් විය යුතුයි. ඉන් අනතුරුව Colour Grader Film එකේ Quick Time Reference එක දිය යුතුයි. එහිදි High Resolution Files වල Colour Grade කිරීම සිදු කරයි. ඉන්පසු Edite කරාට පසු Colour Grader XML Files ලබා දෙනු ඇත. ඔහු Edite කරනු බන්නේ XML Files වලය. VFX විසින් යොදාගනු ලබන Files Colour Grader වෙත යවනු ලබයි. ඒ වගේම Sound designer විසින් යොදාගන්නා Files Colour Grader වෙත යවනු ලබයි. අවසානයේ Colour Grader විසින් DCP එකට Copy කිරීම සිඳුකරනු ලබයි. DCP යනු Hard Disk එකකි. Digital Cinema Package එකක් ලෙස එය හඳුන්වා දිය හැකිය.
මේ පිළිබඳව තවදුරටත් විමසා බැලීමේදී ඩිජිටත් තාක්ෂණ මගින් පසු නිෂ්පාදන අවධියේදී සිනමා නිර්මාණයක් සඳහා සිදු කරණ කාර්යභාර්ය ප්‍රධාන වශයෙන් කිහිපයක් පෙන්වා දිය හැකිය.
VFX යනු චිත්‍රපට නිර්මාණය කිරීමේ දි Live action දර්ශනයකින් සංදර්බය පිටුපසින් රූප නිර්මාණය හෝ හැසිරවීමයි. ඪසිම්ක ෑffැජඑි හා ඛසඩැ ්ජඑසදබ ඒකාබද්ධ කිරීම සඳහා යථාර්තවාදීව පෙනෙන පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ඪත්ඞ යොදාගනියි. නමුත් මිළ අධිකය, ප්‍රායෝගිකව අපහසුය, කාලය වැයවීම හා Live action කරගැනිම අපහසු විය හැකිය. පරිගණකයෙන් සැකසු ජායාරූපකරණය ක්ඨෂ භාවිතා කරණ දෘශ්‍ය කාර්යන් මෑතකදී ස්වාධින චිත්‍රපට නිශ්පාදකයෙකුට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ්බසප්එසදබ ) ක්දපචදිසඑසදබ මෘදුකාංග හඳුන්වාදීමත් සමඟ පිවිසිය හැක. දෘශ්‍ය ප්‍රයෝග බොහෝවිට චිත්‍රපටයේ කථාවට හා ආයචනයට සම්බන්ධ විය හැක. ඪසිම්ක ෑffැජඑ ක්‍රියාවලිය බොහෝ විට ඡදිඑ ඡරදාමජඑසදබ කාලය තුළදී සිදුකර අවසන් වුවද එය සාමාන්‍යයෙන් ඡරු ඡරදාමජඑසදබ ) ඡරදාමජඑසදබ කාලය තුළදි සැලසුම් කිරීම හා නිර්මාණය කළ යුතුය. පුර්ව නිශ්පාදන අවධියේදී විවිධ තාක්ෂණික ක්‍රම උපකරණ භාවිතා කරමින් එනම් ඨර්චයසජ ෘැිසටබල ඵදාැකසබට ්බසප්එසදබ ) ීසපසක්ර ීදඓ උ්රු වැනි විවිධ මෙවලම් හා තාක්ෂණයන් භාවිතයෙන් සිදුකරන ලද දෘශ්‍ය ආවරණ උදාහරණයක් වශයෙන් පිපිරීම් සහ මෝටර් රථ චලනයන් වැනි විශේෂ ප්‍රයෝග මැදිරි තුළ නිර්මාණය කරනු ලබයි. දෘශ්‍ය ප්‍රයෝග අධ්යයක්වරයෙකු සාමාන්‍යයෙන් නිශ්පාදනයක් සමඟ සමීපව කටයුතු කිරීම සිදුකරනු ලබයි. එමෙන්ම චිත්‍රපට අධ්යයක්ෂකගේ සැලසුම් කිරීම, මුලික වේදිකාවන් නිශ්පාදනය කිරීම හා ඔවුන්ගේ අපේක්ෂිත අදහස් ඉටුකර ගැනිම සඳහා අවශ්‍ය කන්ඩායම් මෙහෙයවීම හා උපදෙස් ලබාදීම සිදුකරනු ලබයි. බොහෝ ීඑමාසදිල ඪසිම්ක ෑffැජඑි සඳහා විශේෂ වී ඇත. උදාහරණ වශයෙන්,
- ·
Dreams works
animation
- ·
Digital
- ·
Domain
- ·
Weta Digital
- ·
Moving Picture
Company
VFX වර්ගීකරණයන් කිහිපයක් සිදුකළ හැකිය.
- ·
Simulation FX
- ·
Animation
- ·
Modeling
- ·
Matte painting
- ·
Compositing
VFX තාක්ෂණය භාවිත කරමින් බොහෝ නිර්මාණයන් අද වන විට සිදු කර ඇත. එමෙන්ම අදටත් සිදු කරමින් පවතියි. එම නිර්මාණයන් අතර බොහෝ ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය ටෙලි කතා මාලාවක් වන Games of Throne සඳහා ඪත්ඞ තාක්ෂණය බොහෝ අවස්ථාවන්හි යොදාගෙන ඇත. නිදර්ශනයක් වශයෙන් එය මේ සඳහා පෙන්වා දිය හැකිය.
එනම් මෙහිදි Green Screen භාවිත කරමින් අවශ්‍ය දර්ශන නිර්මාණය කරගැනීම සඳහා VFX තාක්ෂණය යොදාගෙන ඇත. මෙම තාක්ෂණය යොදාගැනීමේදී එම අවස්ථාවන්ට ගැලපෙන ආලෝක තත්වයන් යොදාගැනීමේදී ද සැලකිලිමත් විය යුතුයි. උදාහරණ වශයෙන් වනාන්තර සහිත දර්ශන වලදී, යුධමය අවස්ථාවන් වලදී එහි සිටින සෙබළු ප්‍රමාණය පෙන්වීම, ෘDragon ගින්දර පිබින දර්ශන, බලකොටු නිර්මාණය කිරීම සඳහා වැනි බොහෝ දර්ශන සඳහා මෙම තාක්ෂණය ක්‍රමය යොදාගෙන ඇත. Games of Throne ටෙලි මාලාව සඳහා මුල් කාලයේ විශාල වියදමක් දැරීමට අවශ්‍යතාවයක් නොවුද වර්තමානයේ දී ඒ සඳහා විශාල වියදමක් දැරීමට සිදු වී ඇත. season 01 සිටම කුඩා ෘDragon කෙනෙකු නිර්මාණය කර ඇත. ඉන්පසු season 7 වන විට එම කුඩා සතා විශාල සතෙකු ලෙස වර්ධනය වී ඇති ආකාරයටVFX තාක්ෂණය යොදාගෙන නිර්මාණය කර ඇත. ෘ්ැබැරහ නැමති තරුණියගේ උරහිසේ කුඩා කාලයේ සිට ෘර්ටදබ රැදි සිටීම පුරුද්දකි. මේ අකාරයට VFX තාක්ෂණය යොදාගෙන ඇත. සමහර අවස්ථාවලදී ඇයගේ උකුල උඩ ෘර්ටදබ නිදාගෙන සිටන දර්ශන වලට කොළ පැහැති වර්ණයෙන් යුත් අනුරුවක් නිර්මාණය කර යොදා ගනිමින් රූපගත කිරීම් සිදු කර ඇති බව සඳහන් වේ. එමෙන්ම ඇයගේ වස්ත්‍ර නිර්මාණයේදී පවා මෙම VFX තාක්ෂණය යොදාගෙන ඇත.
මේ සඳහා භාවිතා කරනු ලබන මෘදුකාංග කිහිපයක් වේ. ඒවා පහත දක්වා ඇත.
- ·
Adobe after
effect
- ·
Fusion
- ·
Nuke
- ·
Hit Film Pro
Colour
Grading
Colour Grading යනු විවිධ උපාංග වල විවිධ පරිසරයන් හි පෙනුම ඉදිරිපත් කිරීමේදී එම රූපයන්හි පෙනුම වැඩි දියුණු කිරීමේ එක් ක්‍රියාවලියක් ලෙස හැඳින්විය හැකිය. Motion Pictures, Still Images Videos contrast, Colour Saturation, Details, Black Levels, White Points ආදිය දර්ශනයක වැඩි දියුණු කිරීමේ හැකියාව පවතියි. Colour Grading, Colour Correction භාවිත කරමින් විවිධ රූපවල කලාත්මක වර්ණ උත්පාදනය කරගැනීම සඳහා Creative Blending & Composting සිදු කරනු ලබයි.
Colour Grading වල ආලෝකය දෙස බැලු බැල්මෙන්ම අපට අගයක් දිය නොහැකිය. එය අප සාපේක්ෂව දැකිය යුතුය. Colour Timing ලෙස අප හදුන්වනු ලබන්නේ Digital ලෝකයට පැමිණිමට පෙර Traditionally භාවිතා කළ දෙයකි. යම් කිසි නිර්මාණයන් රූපගත කර අවසන් කිරීමෙන් පසු නිශ්පාදන අවධියේදි එම නිර්මාණයේ Footages නැරඹීමෙන් කුමන ආලෝකයක් භාවිත කළ යුතු ද යන්න Colour Timing මගින් තීරණය කරනු ලබයි. මෙම ක්‍රමය ඩිජිටල් ලෝකය සමඟ සම්බන්ධ වු විට ක්දකදමර Colour Correction ලෙස හදුන්වනු ලබයි. Temperature එක වෙනස් වීම තුලද Colour Grade මගින් එය අපට අවශ්‍ය ආකාරයට සකසා ගත හැකිය. සෙලියුලෝයිඞ් Frame by Frame Scan කර එය ඩිජිටල් තාක්ෂණය යොදාගනිමින් වෙනස් කළ හැකිය. Film එකේ Digital අතරමැදි අවස්ථාවක් ලෙස ෘසටසඒක Digital Intermedia (DI) හදුන්වා දිය හැක. අනු ගණන් වල Frame Scan කිරීම මගින්Colour කිරීම සිදු කරනු ලබයි. ඉන්පුස්ව එය Print කිරීම සිදු කරනු ලබයි. එහිදි වැරදි අඩුපාඩු සැකසීම Colour Correction කිරීම සිදු කරනු ලබයි. සාමාන්‍ය භාෂාවේදී Colour Correction කිරීම Colour Grading ලෙස හදුන්වනු ලබයි.
Games of Throne ටෙලි කතා මාලාවේ විවිධ Seasone වල විවිධ ආකාරයෙන් වෙනස් Colour Grading කරමින් සිදු කරනු ලබයි. බොහෝ විට Colour Correction කිරීමGames of Throne හි Cool Colours වලට වඩා Warm Colours භාවිතා කරනු ලබයි. අවස්ථාවටන්ට උචිත වන අයුරින් වර්ණ භාවිත කිරිම සිදු කරනු ලබයි. එම යොදාගන්නා වර්ණය හරහා ප්‍රේක්ෂකයාට ප්‍රකාශ කිරීමට අවශ්‍ය කරන අදහස මැනවින් තිව්රය කිරීමට නිර්මාණ කරු උත්සහ දරයි.
අදුරුතම වර්ණයන් යොදාගත් Episode එකක් ලෙස season 2" 4 පෙන්වා දිය හැකිය. Black water Bay හි ඇති වුන යුද්ධය රාත්රියේදී Stannis Baratheon ගේ නැව සහ Lannister රජුගේ ගොඩබිම් හමුදාව අතර ඇති වු යුද්ධය. මෙම Episode එක මඟින් නිරූපණය කරයි. මෙම දර්ශනයන්හි කොළ වර්ණය සහ කළු වර්ණයන් බහුලව යොදාගෙන ඇත. එම යුද්ධයේදී නැව විනාශයට පත්වන අවස්ථාව නිරූපණය කිරීම සඳහා යොදාගෙන තිබුනේද මෙම කොළ සහ කළු වර්ණයන් ය. Game of throne ys Brightest Episode Season 1 හි මුල සිටම අපට දැකිය හැකිය. මෙම series එක ආරම්භ වන්නේ White walkers ලා විසින් Night Watches ලා මරා දැමීමත් සමඟය. එහිදි වර්ණ භාවිත කළ තිබුනේ අළු සහ නිල් වර්ණයන්ය. ඒවා ශීත වර්ණ ලෙස පෙන්වා දිය හැකිය. එම අවස්ථාවේ පරිසරය නිරූපණය කිරීමට උත්සහ ගෙන තිබුනේ ශීත කාලගුණයක් ලෙසය. ඒ සඳහා මෙම අළු සහ නිල් වර්ණයන් යොදාගෙන ඇති ආකාරය දැකිය හැකිය. ඒ තුළින් එම අවස්ථාව වඩාත් හොදින් නිරූපණයට කිරීමට හැකියාව ලැබී ඇත. එම අවස්ථාවේ ඇති හැගීම එනම් ශීත බව වඩාත් හොදින් ප්‍රේක්ෂකයාට දැනවීමට උත්සහ කර ඇත. මෙම Game of Throne නම් වු ටෙලි කතා මාලාවේ සියළු අවස්ථාවන් වඩාත් හොදින් නිරූපණය කිරීමට Colour Grading උචිත අයුරින් යොදාගෙන ඇත. තවදුරටත් මේ පිළිබඳව විමසා බැලීමේදි උණුසුම් වර්ණ යොදාගත් අවස්ථාවක් ලෙස Daenerys සහ Chal Drogo අතර සිදුවන විවාහ අවස්ථාවද පෙන්වා දිය හැකිය.
මේ සඳහා භාවිතා කරනු ලබන මෘදුකාංග කිහිපයක් වේ. ඒවා පහත දක්වා ඇත.
- ·
Red Gaint
Colorista
- ·
Wander Share
Filmore Pro
- ·
Adobe Premiere
cc
- ·
Davinci Resolve
- · Fiíl Cut Pro X
ශබ්ද හා සංගීතය
චිත්‍රපටයට ශබ්දය අවශ්‍යය එක් අංගයකි. සංගීතය වටපිටාව නිරූපණය කරන හඬ, බල්ලන් බිරීම, සුළඟ සහ වාහන ආදියෙහි ශබ්ද චරිත තුළින් පැන නගින වේගවත් අවස්ථා වඩාත් තදින් නරඹන්නන්ගේ හදවතට ඇතුළත් කිරිමට උපයෝගි කරගන්නා පසුබිම් වාදන දොර ජනෙල්, ටෙලිෆෝනයේ නිකුත් වන ශබ්ද හා දෙබස් යනාදිය චිත්‍රපටයක ශබ්ද යන්න ඇතුළත් වේ. ශබ්දය චිත්‍රපට කලාවට විශාල සේවයක් ඉටු කර ඇත. උදාහරණ වශයෙන් La La Land සිනමා නිර්මාණය තුළින් පෙන්වා දිය හැකිය.
විශේෂයෙන්ම මෙම ච්ත්‍රපටය තුළ ශබ්ද සංකලනය වඩා හොදින් තිව්රයවේ. මෙම සිනමා නිර්මාණයේ ීදමබා ෘැිසටබ පිළිබදව අවධානය යොමු කළහොත් ෘDiegetic, Non Diegetic Sound, Internal, Parallel & Contpanatal යන Sound Technic මෙහිදිභාවිත කර ඇත. ඒ අතර එහි Atmospheric Sound බහුලව යොදාගෙන ඇත. සිනමාපටය ආරම්භයේදීම අපට එය දැකිය හැකිය. වාහන වල ශබ්ද, රේඩියෝව ක්‍රියාවට නැන්වීමේදී ඇසෙන ශබ්ද, " Night Café එකක එම පරිසරය තුළ ඇසෙන ශබ්ද මේම චිත්‍රපටයෙන් නිදර්ශන වශයෙන් පෙන්වා දියහැකිය. ඒ වගේම මෙහි Folly Sound යොදාගෙන ඇත. Foot Step Sound,මෙහි වැඩි වශයෙන් දැකිය හැකිය. මොවුන් දෙදෙනා නර්තනයේ යෙදෙන අවස්ථාවන් වලදී පාද තබනවිට ඇසෙන ශබ්දය මෙම ච්ත්‍රපටයෙන් පෙන්වාදියහැකි එක් අවස්ථාවක් ලෙෂ පෙන්වාදිය හැකිය. මීට අමතරව Dialogs, Sound Effects යොදාගත් ආකාරය අපට දැකිය හැකිය.
තවදුරටත් මේ පිළිබදව විමසා බැලීමේදී Death Wish නැමති සිනමා නිර්මාණයද උදාහරණ වශයෙන් පෙන්වා දිය හැකිය
මෙමසිනමා නිර්මාණයේ ීSound Design පිළිබදව අවධානය යොමු කළහොත් Diegetic, Non Diegetic Sound, Internal, Parallel & Contpanatal යන Sound Technic මෙහිදි භාවිත කර ඇත. ඒ අතර එහි Atmospheric Sound යොදාගෙන තිබීම දැකිය හැකිය- එක් අවස්ථාවක් ලෙෂ වෙඩි වැදුනු පුද්ගලයෙකු රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදී එම පරිසරය තුළ පවතින්නාවු තත්ත්වය පෙන්වීම සදහා පසුබිම් ශබ්ද යොදාගෙන ඇත- ඒ වගේම මෙහි යොදාගෙන ඇති Sound Effect කිහිපයක් පෙන්වාදි යහැකිය- එනම් ෘDoor Slams Open, Cell Phone Vibrate, Gun Cocks, Telephone Riging, Gun Shot, Beeping Flat Line Sound ආදිය මෙම සිනමා නිර්මාණයෙන් නිදර්ශන කිහිපයක් ලෙස ඒ සදහා පෙන්වාදි යහැකිය- Follyසදහා මෙහි යොදාගත් Sound කිහිපක් ලෙස Foot Step යන ආදිය පෙන්වාදි යහැකිය-
සංගීතය
අද ව විට සංගීතය චිත්‍රපටයේ අංගයක් බවට පත් වී තිබෙන නිසා පසු බිම් සංගීතය යැයි යමෙක් ව්‍යයහාර කළහොත් එය වැරදිය. සත්‍යකින්ම චිත්‍රපටයට මෙන්ම සංගීතයට විශේෂත්වය ගෙන ආ චිත්‍රපට සංගීතය නම් නව මාධ්‍යයක් අද බිහි වී තිබෙනවා. සංගීතය ඇතුල් වු දා සිටම චිත්‍රපට වඩාත් ජිවමාන වී තිබෙන බව පොදු පිළි ගැනීමකි. ඇහැ ඉදිරියේ දිස්වන චලන රූප සමුහයෙන් ඉටුවෙන කාර්යේම කොටසක් අද චිත්‍රපට සංගීතය සවන් මාර්ගයෙන් ඉටු කරනවා. සංගීතය චිත්‍රපටයක භාහිර හා අභ්‍යන්තර අර්ථ නිරුපණයේ සජිවී අංගයක් බවට පත් වී තිබේ. කතාවේ ගලා යාම සුගමවත් කිරීමටත් අදහස් රූපක වල සබදතාව ගොනු කිරීමටත් සිතුවිලි කලාත්මක සන්යමයෙන් සංවිධානය කිරීමටත් කතාවේ නාට්‍යමය ගුනය භාව්‍යාත්මක හා භාවාත්ම වශයෙන් කුළු ගැන්වීමටත් නුතන චිත්‍රපටය සංගීතය උපයෝගී කරගනියි. සංගීතය යථාරූපි සහ අවස්ථා රූපි වශයෙන් බෙදා වෙන් කළ හැක. චිත්‍රපටයක සංගිතයේ වැදගත් අංශය වන අවස්ථාරූපි සංගීතය කෙරෙහි විශේෂ අවධානය යොමු වේ. එනම් අවස්ථානුරූපි සංගීතයේදී තමයි නියම වශයෙන්ම චිත්‍රපට අධ්‍යයක්ෂවරයා රූපවලින් පැවිසීමට උත්සහ කරන දෑ සංගීත අධ්‍යයක්ෂවරයා ස්වර මාලාවන් උපයෝගී කරගනිමින් පැවසීමට උත්සහ ගන්නේ.
උදාහරණයක් වශයෙන් වෙන්වීමක්, හමුවීමක්, බිහිසුණු අත්දැකීමක් වැනි අවස්ථාවකදි එක් වචනයක්වත් නොදොඩා සිද්ධියේ හා පරිසරයේ දර්ශනයේ පලවන මිනිස් හැගීම් වලට ජිවය කැවීමේ ශක්තිය සංගීතඥ්ඥයාට ඇත. වචනයෙන් විස්තර කළ නොහැකි එසේ නැත්නම් වචනයෙන් විස්තර නොකළ යුතු චිත්තේන්ද්රිය තදින් ඇද ගන්නා සියුම් උද්වේග අවස්ථාවන් ප්‍රකාශ කිරීමේදී චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුට ඉහළම අවබෝධය සහය ලැබෙන්නේ සංගීතයෙනි.
සංගීතය සිනමා නිර්මාණයන් සමග මුසු කිරීම සඳහා විවිධ Soft ware අද භාවිතා කරයි. ඩිජිටල් තාක්ෂණය පැමිණිමත් සමඟ මෙම කාර්ය සාර්ථකව සිදු කිරීමට වර්තමානය වන විට හැකියාව ලැබී ඇත.
උදාහරණ වශයෙන්
නාකෝස් කතා මාලාවේ 3 පරිච්ජේදයේ යොදා ඇති සංගීතය ඉතා වැදගත් වේ- එනම් ආරම්භයේ දී ම යොදා ඇති තේමා ගීතය ඔස්සේ ප්‍රේක්ෂකයාගේ මනස සමග ආලෝලනය කර තබා ගැනීමට සමත් ව ඇත- මෙහි දි පසුබිම් ගීතය අවස්ථානුකූ ලෙස යොදාගෙන ඇත- මෙහි දී Music supervisor ලෙස කටයුතු කර ඇත්තේ Lisza Richardsor විසිනි-
මෙම La La Land සිනමා නිර්මණය සිනමා නිර්මාණය ආරම්භ වන දර්ශනය සදහාද යොදා ගෙන ඇත්තේ සංගීතය සහ නර්තනය මුසුවු දර්ශනයකිනි.La La Land සිනමා නිර්මණය ගත් විට එහි සංගීත භාවිතය සැබවින්ම මැනවින් යොදාගත හැකිය. සිනමාපටය ආරම්භයේ සිට අවසානය දක්වා සිංගීතය සහ නර්තනය ඇතුළත් ගීතමය දර්ශන වැඩි ප්‍රමාණයක් දැකිය හැකිය. ඔවුන් දෙදෙනා සතුටින් සිටිනවිටදි ඒ බව දැනවීම සදහා යොදාගන්නා සංගීතය ද ඔවුන් දෙදෙනා දුක්බරව සිටිනවිටදි ඒ බැවු හැගවීම සදහා යොදාගත් සංගීතයද එමෙන්ම ගායනයේදීත් නර්තනයේදීත් යොදාගත් සංගීතයද එකින් එකට වෙනස් සංගීත කණ්ඩයන් ඒ සදහා යොදාගෙන ඇත. ප්‍රෙක්ෂකයාට වඩාත් හොදින් එම අවස්ථාවන් නිරූපණය කිරිමේදී දැනවීමට හැකි වන පරිදි යොදාගෙන ඇත. Sebastian පියානෝව වාදනය කිරීමේදි සංගීතය මැනවින් මුසුකර ඇත. මේ අයුරින් සංගීතය වඩා හොදින් තිව්රය වු සිනමාපටයක් ලෙස මෙය දැකිය හැකිය. ආරම්භයේ සිට අවසානය තෙක් කතාව ගලා යන්නේ සංගීතය සමග ද එක්වෙමිනි.
ඩිජිටල් තාක්ෂණය පදනම් කරගමින් අද වන විට ශබ්දය හා සංගීත නිර්මාන කාර්ය වඩාත් පහසුවෙන් සිදු කළ හැකිය ඒ සඳහා විවිධ දියුණු තාක්ෂණි ක්රමයන් අද සිනමාව තුළ භාවිත කරයි.
මේ සඳහා භාවිතා කරනු ලබන මෘදුකාංග කිහිපයක් වේ. ඒවා පහත දක්වා ඇත.
·
Adobe Audition
·
Cubase
·
Pro tools
Nilakshi Balasooriya




No comments:
Post a Comment